අලුත් අවුරුද්ද උදාව

අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 08.41යි තත්පර 17ට අලුත් අවුරුද්ද උදාව සිදු වේ.

පුණ්‍යකාලය

අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 02.17 සිට එදිනම 03.05 දක්වා බැවින් පූර්වභාග 02.17ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙනු මැනවී.

ආහාර පිසීම

අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 09.05ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් නැගෙනහිර දිශාව බලා,ලිප් බැඳ ගිනි මොලවා,කිරිබත් හා උඳු පිටි මිශ්‍ර රස කැවිල්ලක් පිලියෙල කර ගනු මැනවී.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා දින පූර්වභාග 10.17ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කරනු මැනවී.

හිසතෙල් ගෑම

අප්‍රේල් 17 ඉරිදා දින පූර්වභාග 07.04ට රතු හා කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද,පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ නානු සහ තෙල් ගා ස්නානය කරනු මැනවී.

රැකී රක්ෂා සඳහා පිටත් වීම

අප්‍රේල් 18 සඳුදා දින පූර්වභාග 06.51 සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා රස කැවිල්ලක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් වනු මැනවී.



මේ අවුරුද්දේවත් අපි හැමෝම Update වෙමු. 🙌❤

එහෙනම්, ලබන්නාවූ නව වසර ගෑස්/කිරිපිටි/කඩදාසි/කරන්ට් ලැබෙන නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 🙏❤
Copyright- Android වැඩකාර​යෝ